22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, එහි විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
ගැසට් නිවේදනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ විශ්‍රම වයස අවුරුදු 67ක් සහ අභියාචානාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස සංශෝධනය කර තිබේ.
එසේම, අගවිනිසුරු විශ්‍රාම ගත යුතු දිනය, ඔහුගේ වයස අවුරුදු 67ක් එළඹෙන දිනය හෝ ඔහු අගවිනිසුරු ධුරයට පත් වන දිනයේ සිට වසර 06ක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය විය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ධුර සංඛ්‍යාව 19ක් යන්න ඉවත් කර ඒ වෙනුවට 24ක් යන්න සඳහන් කර තිබේ.
11










