ඊයේ (06) රාත්‍රියේ බොරුල්ල මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය අතරතුර කුරුවිට බන්ධනාගාරයේද නොසන්සුන් තාවයක් හටගෙන ඇති අතර එයද මේ වනවිට පාලනය කර තිබේ.
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කර ඇත.
හටගත් නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස්ද භාවිතා කළ බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ රාත්‍රියේ හටගෙන ඇති මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට කටයුතු කර ඇති නමුත් අද (07) උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි සිදු කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් තත්වය පාලනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
බොරැල්ල මැගසින් එකේ ඇතිවෙන්න ගිය ගැටුම පාලනය කරයි…
31









