ගේ ඇතුළේ බූරුවා ගැසූ සජබ මන්ත්‍රී ඇතුලු 15ක් අත්අඩංගුවට… සජබ මන්ත්‍රී මුදල් වංචාවකට වරෙන්තුකරුවක්…

ගේ ඇතුළේ බූරුවා ගැසූ සජබ මන්ත්‍රී ඇතුලු 15ක් අත්අඩංගුවට… සජබ මන්ත්‍රී මුදල් වංචාවකට වරෙන්තුකරුවක්…

ඉපලෝගම පොලිස් ස්ථානයේ ස්තානාධිපතිට ලැබුණු තොරතුරක් අනුව, කැකිරාව මහේස්ත්‍රාත් අදිකණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිල සුනකයින් යොදවාගෙ, ඉපලෝගම පොලිසිය මගින් නිවසක් වටලා තිබේ.

වැටලීමේදී අනාවරණය වී ඇත්තේ, එම නිවස ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකුගේ නිවසක් බවය.

එම අවස්තාවේදී එම නිවස තුළ අදාළ මන්ත්‍රී බූරුවා ගැසීමේ සූදු පිටියක් පවත්වාගෙන ගොස් ඇති අතර සූදු ක්‍රීඩාවෙ යෙදුනු තවත් 14 දෙනෙකු සමග මන්ත්‍රීද අත් අඩංගුවට ගෙන ඇත.

පසුව සිදු කළ සෝදිසි කිරීම්වලදී නිවසේ අධි ශීතකරණයක තිබූ විවිධ වර්ගයේ තහනම් දඩ මස් 7kgකට ආසන්න ප්‍රමාණයක්ද සොයගෙන තිබෙන අතර එම මස් තොගය සමග අධි ශීතකරණද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව අදාළ සැකකරුවන් ඊයේ (05) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කර ඇති අතර සෑකකරුවන්ට දඩ මුදල් නියමකර නිදහකර ඇත.

නමුත් එම අදාළ මන්ත්‍රී වරයා සම්බන්ධයෙන්, තඹුත්තේගම විශේෂ අපරාද විමර්ශන කාර්යංශයේ පවතින මුදල් වංචාවක් සම්බන්ද නඩුවකට අදාලව එම මන්ත්‍රී අත් අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින වරෙන්තු කරුවෙකු නිසා මහේස්ත්‍රාත්වරිය කරුණු විමසාබලා මන්ත්‍රී මේ මස 12 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්