රජයෙන් පඩි ගෙවලා ෂෙඩ් එකේ වැඩට දාලා… අකිල විරාජ් රක්ෂිත බන්ධනාගාරයට…

රජයෙන් පඩි ගෙවලා ෂෙඩ් එකේ වැඩට දාලා… අකිල විරාජ් රක්ෂිත බන්ධනාගාරයට…

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මේ මස 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

අකිල විරාජ් කාරියවසම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ලෙස කටයුතු කරමින්,

තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධනහලක සේවයේ යොදවා ගනිමින් ද,

තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රුපියල් විසිහත් ලක්ෂ හැටඅටදහස් අටසිය තිස් හයයි ශත දාහතරක (රු. 2,768,836.14) වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම යන චෝදනා ඔහුට එරෙහිය එල්ලවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්