අකිල විරාජ් අත්අඩංගුවට

අකිල විරාජ් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (05) එම කොමිසම විසින් සිදු කර තිබූ කැඳවීමක් අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුවය.

ඔහු මෙලෙස අත්අඩංගුවට ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන එක්සත් ජාතික පක්ෂයේ සහ ඔහුගේ පුද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළවය.

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්