අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ගැසට් කරයි

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ගැසට් කරයි

මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට අදාළ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, සියලුම විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.

එසේම මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ධුර සංඛ්‍යාව 110 සිට 120ක් දක්වා ඉහළ දැමීමටද එමඟින් යෝජනා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්