මන්ත්‍රී වැටුප් ඉහළ ගියාද?

මන්ත්‍රී වැටුප් ඉහළ ගියාද?

මන්ත්‍රී වැටුප ඉහළ දමා ඇතැයි පර්ලිමේන්තුවේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සඳහන් කර ඇතති සත්‍ය ලෙසම සිදුව ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් නොවන බව අනාවරණය වේ.

සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව වත්මන් මිලට ගැලපීමේදී සිදුව ඇති ඉන්ධන දීමනාවේ ඉහළ යාමට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවුන්ගේ ඉන්ධන දීමනාවේ ඉහළ යාමක් පමණක් සිදුව ඇති බවත් අනාවරණය වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව වැඩි වී ඇත්තේ මන්ත්‍රීවරයාගේ දිස්ත්‍රික්කය අනුව ඇති දුර ප්‍රමාණයට සාපේක්ෂව වීමද විශේෂත්වයකි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පාරලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැඩි වී ඇති ප්‍රමාණයට කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාවේ වැඩිවීමක් සිදුවී නැත.

මේ බව අනාවරණය වූයේ පාර්ලිමේන්තුවේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර සිදු කළ ප්‍රකාශයකිණි.

එහිදී නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මෙසේද පැවසීය,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නැහැ. නමුත් ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැලපුවා. රජය ඒ තීරණය ගත්තේ ආර්ථික තත්වය යහපත් තත්වයට පත්වීමත් එක්ක.

ඒ නිසා ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩිවීමක් ලැබිලා තියෙනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩිවෙලා ඇති.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්