එක්සත් ජාතිකපක්‍ෂයේ කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පාර්ලිමෙන්තුවේ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත.
එම පක්‍ෂයේ උපදේශක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
මීට අමතරව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකගේ නියෝජ්‍ය නායක ධූරයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාද ඉවත්කර ඇතැයි වාර්තා වේ.
එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධ බව මාධ්‍යට පවසා තිබේ.
කෙසේවවුද දයාසිරි ඉවත්කරන ලද එම උපදේශක සභාවේ සජිත් පේ‍්‍රමදාස මහතා ද සාමාජිකයෙකි.
එම උපදේශක සභාවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, ජෝසෆ් මයිකල් පෙරේරා, සභාපති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, ජාතික සංවිධායක දයා ගමගේ සහ මහා ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් අයත්ව සිටිති.
5









