
ස්වීඩනයේ වාමාංශික පකෂයේ 39 වන පකෂ සම්මේලනය ලබන 6,7,8,9 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා තිඛෙන අතර එම පකෂයේ ආරාධනයකට අනුව සමුළුවට සහභාගී වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක, විදේශ කටයුතු පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා සහභාගී වීමට නියමිතය. ඔහු අද (05) දින ස්වීඩනය බලා පිටත්ව ගොස් ඇත.
ස්වීඩනයේ වාමාංශික පකෂයේ සමුළුවකට පළමු වතාවට මෙවර ජවිපෙ නායකයෙකු සම්බන්ධ වන අතර ලංකාවේ වාමාංශික පකෂයක් වශයෙන් එම අවස්ථාව ලැබී ඇත්තේ ජවිපෙට පමණක් බව එම පෙරමුණ පවසයි.
සෝමවංශ අමරසිංහ මහතා ජනවාරි 7,8 යන දිනයන් දෙකෙහි දී එම සම්මේලනයේ උත්සව අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර එහිදී සමුළුව ඇමතීමට ද නියමිත බව වාර්තා වේ. මේ අතර ස්වීඩනයේ වාමාංශික පකෂයේ නායකයින් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිතය.
රටවල් විශාල ප්‍රමාණයක වාමාංශික පකෂ නියෝජිතයින් ආරාධිතයින් ලෙස මෙම සමුළුවට සහභාගී වන බවද වාර්තා වේ.









