මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය පාර්සලයක් විසිකිරීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය පාර්සලයක් විසිකිරීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට සැකකටයුතු පාර්සලයක් විසි කිරීමට උත්සාම කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේදීය.

අදාළ පාර්සලයේ තිබී මත්ද්‍රව්‍ය,  ලයිටර් 10ක්, දුරකථන 02ක්, දුරකථන චාජර් 02ක් සහ කරාබු ජෝඩු 10ක් ඇතුළු ද්‍රව්‍ය හමු වී තිබේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත බවය.

Facebook
Twitter
LinkedIn