ඩකා රැළියේ දෙවැන්නාත් මරුට

සුප්‍රසිද්ධ ඩකා රැළියේ දෙවැනි ක්‍රීඩකයාත් ජීවිතක්ෂයට පත් විය .කොළොම්බියාවේ මවුරිනෝ සෙලේඩ්‍රිගස් මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ, පේරු හිදීය. ඩකා රැළියේ දින 12ක් තුළ ජීවිතක්ෂයට පත්වූ දෙවැනි ක්‍රීකයා මොහුය.

අධික දූවිලි සහිත ප්‍රදේශයක් හරහා සිය යතුරු පැදිය ධාවනය කරමින් සිටියදී එය පාලනය කර ගැනීමට නොහැකිව ඔහු  අනතුරට පත්ව තිබේ. ඒ අනුව 14 හැවිරිදි මවුරිනෝ රෝහල්ගත කිරීමටත් මත්තෙන් ජීවිතක්ෂයට පත් වු බව විදෙස් වාර්තාවල සඳහන්ය.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ඔහු අනතුරට පත්ව මිනිත්තු 15ක් යන තුරුම කිසිවකුත් එම ස්ථානයට නොපැමිණි බවයි. 2012 ඩකා රැළියේ පළමු දිනය වු ජනවාරි 01 වැනදා ආර්ජන්ටිනාවේ යතුරු පැදි ධාවකයකු ද අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

Facebook
Twitter
LinkedIn