ඇමති මර්වින් විදේශ ගතවෙයි

 

මේ දිනවල ආණ්ඩුපක්ෂය දැඩි අර්බුදයකට ඇද දැමූ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා සහ කැළණිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීන් අතර පවතින ගැටුම නිසා ඉක්මනින්ම විදේශගතවීමට නියමිත බව අතිශය විශ්වාස කටයුතු ආ‍රංචිමාර්ගයකින් හෙලිවේ.

ඇමතිවරයා සමීපතම ගෝලයෙකුට පවසා ඇත්තේ ”ගුණමකුවොත් එක්ක බෑ බං, කාටත් නොකිය මං රටයනව” යනුවෙණි. ඇමතිවරයාගේ මෙම ප්‍රකාෂයේ සදන් ගුණමකුවා කවරුන්ද යන්න පැහැදලි නැතත් කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු පිරිස ඇමතිවරයාගේ නිර්දේශය මත නාම යෝජනා ලබාදුන් පිරිසක් බවත් අදාල ප්‍රශ්ණ තමතමන්ම විසදාගන්නා ලෙස ජනාධිපතිවිසින් ඇමතිවරයාට පැවසූ බව මාධ්‍ය අනාවරණය කර තිබිණ.

මේ වන විට ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු යැයි කියන අමල් රොද්‍රිගූ පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමෙන් පසු මුදාහැර ඇති අතර ඩොනල්ඩ් රංජිත් නැමැත්තා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඔහු පිළිබදව කිසිදු තොරතුරක් හෙලිවී නැත. ඇමතිවරයාට විරුද්ධව මුලටියන ප්‍රාදේශිය සභාවද යෝජනා සම්මතකරගෙන ඇත. මේ සියළු තත්වයන් වර්ධනය වෙමින් පවතින අතර ජනාධිපතිවරයාගෙන් ඇමති වරයා අපේක්ෂා කළ ආරක්ෂාව නොලැබී යන තත්වයක් තුළ ඇමතිවරයා නිහඩවම විදේශගතවීමට තීරණයකර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන්කරයි.

ආශ්‍රිත පුවත්

කැලණියේ දෙපැත්තෙම කට වැහුවා ‍- සිරිසේන

මර්වින්ටත් රාජපක්ෂ ප්‍රහාරයක්

මන්ත්‍රීන්ට මර්වින්ගෙන් රතු එළියක්

මර්වින් විරෝධය රාජපක්ෂ ගැටුමක් !

මර්වින් තුරුලෙන් මිදී වමාරයි

 

Facebook
Twitter
LinkedIn