ඇමෙරිකානු නාවික සෙබලු තලේබාන්වරුන්ගේ මළ සිරුරු වලට මුත්‍රා කරන වීඩියෝවක් හමුවේ.

ඇමෙරිකානු නාවික සෙබලු පිරිසක් විසින් මරාදමන ලද තලේබාන්වරැන්ගේ මළ සිරුරු කීපයකට මුත්‍රා කිරීමේ දර්ශනයක් ඇතුලත් වීඩියෝවක් හමුවී තිබේ. වාර්තා වන අන්දමට එම වීඩියෝව සම්බන්ධයෙන්මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම වීඩියෝව යූටියුබ් වේබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබූ අතර එහිදී ඇමරිකානු සෙබලුන් 4 දෙනෙකු විසින් තලේබාන් වරුන් 3 දෙනෙකුගේ මළසිරුරු මතට මූත්‍රා කරන දර්ශනයක් ඇතුළත් වේ. තත්පර 40 පමණ වන එම වීඩීයෝවේ එම සෙබලු සිනාසෙමින් සිටින අතර එක් සෙබලෙක් “සුභ දවසක් යාළුවා” යැයි පවසි. එහි සෙබලුන් මේ වන තෙක් හදුනාගෙන නොමැති අතර ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිළධාරියෙකු CNN වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පැළද සිටින හෙල්මට් හා තුවක්කු ඇමෙරිකානු නාවික හමුදා ස්නයිපර් කණ්ඩායම්වල ඒවාට සමාන ඒවා බවයි. ඇෆ්ගනිස්ථාන් ජනාධිපති හමිඩ් කර්සායි  මේ සිදුවීම දැඩි ලෙස හෙළා දැක තිබේ.

තෙල්බාන්වරුද එය නින්දිත ක්‍රියාවක් බව පවසා තිබේ.

http://www.bbc.co.uk/news/world-asia-16524419

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්