හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වන මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු විසින් නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙසට නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
Views: 0










