අකිල විරාජ් අල්ලස් කොමිසමට

අකිල විරාජ් අල්ලස් කොමිසමට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අද (05) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ අනුව, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම කොමිසම විසින් සිදු කර තිබූ කැඳවීමක් අනුවය.

ඔහු මෙලෙස කැඳවා ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන එක්සත් ජාතික පක්ෂයේ සහ ඔහුගේ පුද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්