බකමූණ සංචාරක අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ නීතිවිරෝධී ලෙස කපන ලද දැව තොගයක් බකමූණ වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
බකමූණ වන ජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරික්ෂා කිරීම්වලදී ගොඩනැගිලි ඉදිකරන ස්ථානයේ තිබී පලු, කොස්, තේක්ක සහ හල්මිල්ල යන දැව වර්ග සොයාගැනීමට හැකිවී තිබේ.
කොස් දැව හැර සෙසු සියලු දැව වර්ග ගිරිතලේ, මින්නේරිය ස්වාභාවික රක්ෂිතයෙන් කපන්නට ඇති බවට වනජීවී නිලධාරීහු සැක කරති.
කොන්ත්‍රාත්කරුවෙකු විසින් බකමූණ අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුතු භාරගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
4









