ඉරාන ජනාධිපති ලතින් ඇමරිකාවේ සංචාරයක

ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩින්ජාඩ් පසුගිය දා  ලතින් ඇමරිකානු කලාපයේ රටවල රාජතාන්ත්‍රික සංචාරයක් ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා කියයි. ඔහුගේ සංචාරයට වෙනිසියුලාව, ඉක්වදෝරය, නිකරගුවාව, සහ කියුබාව යන රටවල් ඇතුළත්ය.

ඉරාන ජනාධිපතිවරයාගේ එම සංචාරය ඇරඹුණේ, පසුගිය 09 වනදා වෙනිසියුලාවේනි. එම වෙනිසියුලානු සංචාරය දෙරටේ අන්නොන්‍ය සහයෝගීතාවය වර්ධනය වන ආකාරයේ සංචාරයක් බව මොහොමඩ් අහමඩි‍නේජාඩ් ජනාධිපතිවරයා පවසා ඇත.

එදින වෙනුසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් හමුවී ඇති අතර එහිදී රාජ්‍ය නායකයන් දෙපල අතර විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇත. එයට වෙනිසියුලාවේ දේශපාලන නායකයන් විශාල පිරිසක් සහභාගීවී ඇත.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අවබෝධතා ගිවිසුම් 270ක් අත්සන් තබා ඇත. එම ගිවිසුම් අතරට ආරක්ෂක, ආර්ථික, අධ්‍යාපනික, තෙල් හුවමාරු, විද්‍යා හා තාක්ෂණික දැනුම හුවමාරු, දේශපාලනික ගිවිසුම් ගණනාවක් ඇතුළත්ය. කෘෂිකර්මාන්තය වෙනුවෙන් ගිවිසුම් 26කටද දෙරටේ නායකයින් අත්සන්තබා ඇත.

මෙම සංචාරයේදී ඉරාන ජනාධිපතිවරයා පවසා ඇත්තේ වෙනිසියුලාවේ මෙම සංචාරය ඇමරිකාවට පිඩනයක් ගෙන දෙන්නක් වනු ඇති බවයි.  ලෝකයට තර්ජනයක් වී ඇති අධිරාජ්‍යවාදීන්ගේ වියරුවට මුහුණදීමට තමන්ට සිදුව තිබෙන අතර ලෝකයේ ආධිපත්‍යය දැරීමට ඔවුන් දරන උත්සාහය කිසිදා සාක්ෂාත් කරගත හැක්කක් යැයි වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් පවසා තිබේ.

වෙනිසියුලාවේ පවුල් සදහා නිවාස 14000ක් සදාදීමටද ඉරානය එකගතාවය පළ කර ඇත. වෙනිසියුලානු සංචාරය නිමා කොට ඔහු 11 බදාදා දින කියුබාවේ ජොසේමාර්ටි ගුවන් තොටුපොළෙන් කියුබාවට පැමිණ ඇත. එහිදී ඔහුව පිළිගනු ලැබ ඇත්තේ, කියුබානු රාජ්‍ය කවුන්සිලයේ උපසභාපති සහ දේශපාලන මණ්ඩල සාමාජික එස්ටෙබන් ලාසෝ විසිනි.

කියුබා ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ විසින් රාජතාන්ත්‍රික සංචාරයක් සදහා ආරාධනාවක්ද කර තිබී ඇති අතර  ඉරාන ජනාධිපතිවරයා ඔහු සමග විශේෂ සාකච්ඡාවකද  නිරතවී තිබේ.

මොහොමඩ් අහමඩි‍නේජාඩ් ජනාධිපතිවරයා කියුබාවේ හවානා විශ්වවිද්‍යාලයේදී කියුබානු ආධ්‍යාත්මික නායක ජොසේ මාර්ටි අනුස්මරණය සම්බන්ධයෙන් ගුණකථන දේශනයක් පැවත්වා ඇති බව විදෙස් පුවත් වැඩි දුරටත් පවසයි.

 

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්