ඇමති මර්වින් සිල්වා සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම අතර ඇතිවී තිබෙන ගැටළුව රාජපක්ෂ බලවතුන් දෙදෙනෙකු අතරේ පවතින බල අරගලය පුපුරායාමේ ප්‍රතිඵලයක් බව ආණ්ඩුපක්ෂ ආරංචිමාර්ග හෙලිකරයි.
මේ වන විට ඇමති මර්වින් සිල්වා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිස ජනමාධ්‍ය සාකච්ඡා පවත්වමින් එලිපිටම එකිනෙකාට විරුද්ධව ප්‍රකාශකරන්නේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ යෙදී සිටින බවයි. ඔවුන් කප්පම්ගැනීම්වල යෙදී සිටින බව ප්‍රසිද්ධ රහසක්ව පැවතින. එහෙත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලවතුන් කප්පම්කරුවන්ව ආරක්ෂාකරන බවට චෝදනා එල්ල විය. නමුත් මේ වන විට මෙම දෙපිරිස එකිනෙකාට චෝදනාකර ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයකට වඩා රාජපක්ෂවරු දෙදෙනාගේ ගැටුමේ කොටසක් බව අනාවරණයවේ.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු මර්වින් සිල්වා ඇමතිවරයාට විරුද්ධ පිරිස එලිපිටම පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා තමන්ට සහයෝගය ලබා දෙන බවයි. මේ අතර මර්වින් සිල්වා ඇමතිවරයාට විරුද්ධව මැරකම් සහ විනයවිරෝදී, නීතිවිරෝදී ක්‍රියා පිළිබදව දිගින් දිගටම චෝදනා එල්ලවී තිබිණි. නමුත් මේ මොහොතේදී රාජපක්ෂවරු දෙදෙනා අතර අර්බුදය පුපුරාගේස් ඇත්තේ රාජ්‍ය සංස්ථා, සණ්ඩල, අධිකාරී යන ආයතනවලට නව සභාපතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අලුතෙන් පත්කිරීමට යාමේදී ඇතිවූ බරපතල ගැටිමක් බවද හෙලිවෙයි.









