තරගාවළිය පැරදුනත් අභියෝග ජයගත්තා – ඩිල්ෂාන් කේප් ටවුන් හිදී

දකුණු අපි‍්‍රකානු තරගාවලියත් තෙවැනි තරගයත් පරාජයට පත්වූවද, නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ මුවේ රැඳී තිබුනේ මදහසකි.

ඒ, එක් අයුරකින් පරාජය වුවද, තවත් අයුරකින් ජයගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත්වූ බැවිනි.

ඩිල්ෂාන් කේප් ටවුන් හිදී අදහස් දැක්වූයේ මෙසේය.

ශ‍්‍රී ලංකාවෙන් පිටතදී ටෙස්ට් තරගයක් ජයගැනීමට සිය පිලට නොහැකි බව දකුණු අපි‍්‍රකාවට පැමිණීමට පෙර බොහෝ අය පවසා සිටි බවත්, මුරලිදරන් නොමැතිව කඩුළු 20ක් බිඳහෙළීමට නොහැකි බවත් බහුතර මතය වී තිබුණු බවත් ඩිල්ෂාන් පවසා තිබුණි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පිල මෙම අභියෝග දෙකම ජයගැනීමට සමත්වී ඇතිබව ඩිල්ෂාන් වැඩිදුරටත් පවසා තිබුණි.

Facebook
Twitter
LinkedIn