යුක්තිය පතා අධිකරණවලට යන ජනතාව දරා ගත නොහැකි මට්ටමට පීඩාවට පත්වී සිටින පසුබිම අවසන් කිරීම සඳහා රජය සැලසුම් කර තිබෙන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය ද ලැබෙමින් තිබේ.
රටවල් කිහිපයක ම සිටින ශ්‍රී ලාංකික නීතිඥයින් එලෙස සහයෝගය පළ කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික නීතිඥවරුන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳව කරුණු දැක්වීය. එයට අමතරව, අදාළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙන යමින් සිටින අසත්‍ය ප්‍රචාරවලට කරුණු සහිතව පිළිතුරු ලබා දී තිබේ. එම මාධ්‍ය හමුව පහතින් පළ කෙරේ.
Views: 0










