ජ’පුර සරසවිය වසයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ‍ය හැර සෙසු සියලු පීඨ අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

එම විශ්වවිද්‍යාලයේ විනයාධිකාරී එම්.ඩබ්ලිව්.ජයසුන්දර මහතා පවසන්නේ සිසුන්ගේ ආරක්ෂාව සදහා මෙම පියවර ගත් බවයි.පසුගියදා විශ්වවිද්‍යා‍ලයේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට එහි සිසුන් පහරදීම හේතු කොටගෙන යළි නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ද ඔහු සදහන් කළේය.

අද පෙරවරු 8න් පසු සියලු සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් පිටව යන්නැයි දැනුම් දී ඇති බවය. කෙසේ වෙතත් පසුගියදා විශ්වවිද්‍යාල‍ පරිශ්‍රය තුළ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ සෙසු පිරිස තවමත් එම ස්ථානයේ රැඳී සිටින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn