මර්වින් තුරුලෙන් මිදී වමාරයි

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනකු මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව නැඟී සිටින්නට තීරණය කර තිබේ.

අද (05) කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර,උප සභාපති චමින්ද දුමින්ද,ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර,ප්‍රා.මන්ත්‍රී හසිත කැලුම් මඩවල,ප්‍රා.මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන මන්ත්‍රීවරුන් විසින් ප්‍රාදේශීය සභාවේ පැවති මාධ්‍ය හමුවකදී මර්වින් සිල්වා අමාත්‍යවරයාට අභියෝග කර ඇත.

කැලණිය,කිරිබත්ගොඩ නගරවල කප්පම් ගැනීම,දූෂණ වංචා හා අක්‍රමිකතාවලට මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ සහචරයින් වගකිව යුතු බවත්,ඒ බව තහවුරු කිරීම සඳහා සියලු ලියකියවිලි හා තොරතුරු තමන් සතුව ඇති බවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා පැවසූ අතර තමා ඇතුළු මන්ත්‍රීවරුන්ට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් ඊට මර්වින් සිල්වා අමාත්‍යවරයා මුළු මනින්ම වගකිව යුතු බවත්,ඊයේ සිට තමාගේ නිවෙස්වලට මත් කුඩු දමා තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් තිබෙන බවත් සභාපතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා “පිබිදෙන කැලණිය” නමින් මහා පරිමාණ වශයෙන් කප්පම්ගත් බවත්,ඒවා හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත්,එකී දූෂණ,වංචා හා අක්‍රමිකතා පිළිබඳ ඕනෑම කෙනකු හා සංවාද කිරීමට සූදානම් බවත් ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර පැවසීය.

මෙලෙස මර්වින් සිල්වා මහතාට අභියෝග කරන ඉහත නම් සදහන් මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවකදීම මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් සිදුකරන ලද නොමනා ක්‍රියාවලදී ඔහුට ආශිර්වාද කළ මන්ත්‍රීවරුන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්