වැලි ප්‍රවාහනය කිරීමේදී දැනට ක්‍රියාත්මක කෙරෙන නීති ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව අලෙවි සැලක සිට කිලෝමීටර් 10 ක දුරක් බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය සඳහා අවසර ලැබෙන අතර වැලි කියුබ් එකකට නොවැඩි ප්‍රමාණයක් මේ යටතේ ප්‍රවාහනය කළ හැකි බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා පෙන්වාදෙයි.
එමෙන්ම පෞද්ගලික ඉදිකිරීම් සඳහා පස්, වැලි සහ බොරළු කියුබ් තුන් කාලකට නොවැඩි ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කලේය.
8









