අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් කැලණිය ප්රාදේශීය සභාවේ පරිපාලන කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වී ඇතැයි එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රීවරු පසුපස මර්වින් සිල්වා අමාත්‍ය වරයාගේ මැරවරයින් ලුහුබදින බව ඔවුන් චෝදනා කරයි.
මේ අතර ඊයේ (07) රාත්‍රී කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ නිවස කිසියම් පිරිසක් විසින් මේවන විට වටලා ඇතැයි වාර්තා විය. මේ සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලිකල බවත් කැලණිය ප්රාදේශීය සභාවේ සභාපති උප සභාපති, තමා හා තවත් මන්තී‍්‍රවරයෙකු ඝාතනය කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා හික්කඩුවේ නමගිය පාතාල නායකයකු වන රොෂාන්ත හා මාලිගාවත්තේ මජීඩ් යන පුද්ගලයන් දෙදෙනාට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇතැයිද මඩවල මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්පහ දිස්ත්‍රික් නායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් වෙත මේ බව දන්වමින් අදාළ මන්ත්‍රීවරුන් ලිපියක් යොමුකර තිබේ.
ආශ්‍රිත පුවත්
මර්වින් විරෝදය රාජපක්ෂ ගැටුමක් !









