ආණ්ඩුවේ උද්දච්ඡකම පැත්තකින් තබා උසස්පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ යුතුයි – අනුර

උසස්පෙළ ප්‍රතිඵල අවුල වහගන්න සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ කෝළම බවට පත්වුනා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුයේ අද (08) එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මන්ත්‍රීවරයා

”උසස් අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ඇමති, නියෝජ්‍ය ඇමතිවරු, අධික‍ෂණ මන්තී්‍ර, විභාග කොමසාරිස්, අමාත්‍යංශ ලේකම්වරු ඇතුලු සියළු බලධාරීන් පැය 3ක් විතර කළේ විකට ජවනිකා රගදැක්වූ කොළඹ කෝළමක්.ප්‍රථීපල විකෘත්තිය ගැන සැබෑ වගඋත්තරකරුවෝ කවුද යන්න එයින් පැහැදිලි උනා. මේ ආණ්ඩුව අධ්‍යාපනය කෙරෙහි ජනතා විශ්වාසයත් විභාග කෙරෙහි තිබූ ජනතා විශ්වාසයත් බිඳදාල. ඒ 3 ගත් කෙනාටත් සතුටුවෙන්න බෑ. ආණ්ඩුව දැන් කළ යුත්තේ මහන්තත්තකම උද්ධච්ඡකම පැත්තකින් තියලා සියළුම පිළිතුරු පත්‍ර නැවත සමීක‍ෂණය කිරීමයි. ඒ වෙනුවෙන් වූ ප්‍රතිපත්ති තීරණයක් ගත යුතුයි. හැම දේකටම අතදාන ජනාධිපතිවරයාගේ සිට සියළුම දෙනා මේ තත්වයට වගකිවයුතුයි.”

Facebook
Twitter
LinkedIn