මුඛ ආවරණ බද්ද ඉවත්කිරීමට ආණ්ඩුවට හදිසියේම මතක් වෙයි

මුඛ ආවරණ බද්ද ඉවත්කිරීමට ආණ්ඩුවට හදිසියේම මතක් වෙයි

කෝරෝනා අවධානම මතුවී මාස 02කට ආසන්න වෙමින් තිබියදී ආණ්ඩුවට මුඛ ආවාරණවල බද්ද ඉවත්කිරීමට හදිසියේම මතක් වී තිබේ.

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ පැතිරයාම ආරම්භ වී මේ වනවිට මාස දෙකකට ආසන්න වන අතර වෛරසය ලෝක මට්ටමින් පැතිරාම ආරම්භ වී මේ වනවිට මාස 04ක් පමණ වේ. මෙම වෛරසය පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග ජනතාවට ඉතාමත් අත්‍යාවශ්‍යව වූ මුඛ ආවරණ මිල ඉහළ ගිය අතර ඒ සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහත්ද ඇතිවිය.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ වනවිට මුඛ ආවරණවල බදු ඉවත් කර ඇත.

ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති ආකාරයත් විටින් විට අවධානයට යොමුවන දේවල් අරබයා පමණක් ක්‍රියාමාර්ග ගන්නා තත්වයක් මතුව ඇති බවත් කොරෝවැනි වේගයෙන් ව්‍යාපත්වන වෛරස් තත්වයක් මෙලෙස මර්ධනය කළ නොහැකි බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn