රවී කරුණානායක අත්අඩංගුවට

රවී කරුණානායක අත්අඩංගුවට

හිටපු මුදල් ඇමති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මුදල් ඇමති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට මිට පෙර අවස්ථා තුනකදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කැඳවා තිබුණද ඔහු එම අවස්ථා තුනේදීම එය මග හැර තිබිනි.

ඉන් පසු කළ දැනුම්දීමක් අනුව අද (31) උදෑසන ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබිණි.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව විශේෂ ව්‍යාපෘතියක් සඳහා යැයි පවසා නිලධාරීන් පස් දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීමේ විමර්ශනයකට අදාළවය.

මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරා අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය ජුනි මස 30 වැනිදා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියාය.

Facebook
Twitter
LinkedIn