Global Conscious Food Systems Summit (GCFSS) සඳහා සහභාගී වීම පිණිස අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් භූතානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
සැප්තැම්බර් 01 වැනිදා භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක පූර්ණ සැසියට සහභාගී වන අගමැති, එහිදී “Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis” යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡාවලට එක්වෙමින්, තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා දායකත්වය උදෙසා වන සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වේ.
19










