ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට එරෙහිව සමාජවාදී තරුණ සංගමය අද (30) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සදහන් කර සිටියේ, දේශපාලනිකව අනාථ වුණ කණ්ඩායම් ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් සිටින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය,

“මේ වෙද්දි විපක්ෂයේ දේශපාලනිකව අනාථ වුන කණ්ඩායම් විසින් නැවතත් මේ රටේ ආගම්වාදය ජාතිවාදය අවුස්සමින් හඬ නගන්න පටන් අරන් තියෙනවා.

මේ හඬ නැගීම ඇතිවෙන්නෙ කාගෙන්ද? ජනතාවගෙන් මේ වෙලාවේ ඒ වගේ හඬක් ඇහෙන්නෙ නෑ. තමන්ගේ අහිමි වුණ දේශපාලන වරප්‍රසාද සහිත ජීවිතය ගැන ඒ අයට වේදනාවක් තියෙනවා.

අපි හැමදාම රටේ ආගමික නිදහස ජාතික සමඟියා අගය කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපි අපේ භාවිතාව තුළත් ඒ බව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එහෙම දේශපාලන ව්‍යාපාරයක් නියෝජනය කරන තරුණ දේශපාලන සංවිධානයක් විදිහට අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ.

ඒ අයට දැන් ආර්ථිකය සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ නෑ. ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කියන්න බෑ අද වෙද්දි ආසියාවෙත් ලෝකය තුළත් ලංකාව වේගයෙන් ඉතා හොඳ තත්ත්වයකට පැමිණ සිටිනවා.

මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව ගෙන යන ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙල අධෛර්යමත් කරන්න තමයි මේ වෙලාවෙදි මේ වගේ විපක්ෂයේ බංකොලොත් වෙච්ච කණ්ඩායම් මෙහෙම ප්‍රකාශ ඉදිරිපත් කරන්න.

විමල් වීරවංශලා දයාසිරි ජයසේකරලා උදේ ගම්මං පිළලා කියන්නේ ඇත්තටම මේ රටට ආදරේ කරපු අයද? ගම්මන්පිල කියන්නේ සමාජය හඳුනාගෙන තිබුණ කෙනෙක් නෙවෙයි. ඒ කාලේ හෙළ උරුමය ගොඩනැගීමේදී භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන ඒ පාරෙන් දේශපාලනයට ආපු කෙනෙක්. එහෙම ඇවිල්ලත් ඊට පස්සේ ඒ හාමුදුරුවරුන්ට බණ ටික කියාගන්නවත් බැරි තත්ත්වයට පත් කරලා, දේශපාලනය කරපු කෙනෙක් තමයි ගම්මන්පිල කියන්නෙ.

ගම්මන්පිලලා බලයේ ඉන්නකොට ආගමික සංස්ථාව ආරක්ෂා කරන්න මොනවද කළේ? ගම්මන්පිල කියන්නෙ කවදාවත් ඇත්ත බෛද්ධයෙක් නෙමෙයි. ගම්මන්පිල කියන්නෙ වංචනිකයෙක්. බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් කියන , ජරාජීරණ දේශපාලනයක් කරපු කෙනෙක්.

අද බොරුවට සුදු සළුපිළි ඇඳගෙන ඇවිත් කතා කරන කළු චරිත. ගම්මන්පිල කියනවා අනුර කුමාර ජනාධිපතිතුමා මිනීමැරුම් චෝදනා තියෙන අයට, ස්ත්‍රී දූෂකයන්ට ජනාධිපති සමාව දුන්නට ඥානසාර හිමිට සමාව දෙන්න කැමති නෑ කියලා. කවුද මිනීමැරුම් චෝදනා තියෙන අයට, ස්ත්‍රී දූෂකයන්ට ජනාධිපති සමාව දුන්නේ? එයාලා පත් කරපු ජනාධිපතිවරු තමයි එහෙම සමාව දුන්නෙ. රනිල් වික්‍රමසිංහ දික්කසාද නඩුවක නඩත්තු ගෙවන්නෙ නැතුව හිරේ ගිය කෙනෙක්ට වැරදි විදියට දුන්න ජනාධිපති සමාවක් අන්න දැන් ආපහු අභියෝගයට ලක් වෙලා තියෙනවා.

ඥානසාර හිමිට මෛත්‍රීපාල සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාවක් තමයි දැන් නැවත අභියෝගයට ලක් වුණේ.

අනුරාධපුරේ පූජා නගරයේ සිද්ධිය මොකක්ද? 2004 වසරේ දී තමයි හොයාගෙන තියෙන්නේ අනුරාධපුර නගරයට භූගතව තවත් නගරයක් තියෙනවා කියන එක. ඒ වගේම පූජා නගරයට වන සතුන්ගෙන් සිදු වන හානි නිසා ඒ වටා වැටක් ඉඳි කරන්න කියන ඉල්ලීම අටමස්ථානාධිපති හිමියන් විසින් කරපු ඉල්ලීමක්. ඒ වැට දැනටමත් ඉඳි කරලා අවසන්. එය තවත් ස්වභාවික පරිසරයට ගැලපෙන ලෙස නිම කරන්න තමයි මේ චක්‍රලේඛය එන්නෙ.

පූජා නගරයේ අධි සංවේදී කලාපය, සංවේදී කලාපය සහ පොදු සේවා කලාපය කියලා කොටස් තුනක් තියෙනවා. දයාසිරි කියනවා පොදු සේවා කලාපයේ තැබෑරුම්, සූදු පොළවල් දාන්න හදනවා කියලා. මොකක් ද මේ සිද්ධ වෙන්නෙ? පූජා නගරය අවට ජනතාවට වැසිකිළි වලක්වත් කපාගන්න බෑ. පුරාවිද්‍යා එකෙන් අවසර දෙන්නෙ නෑ. නමුත් ජනතාවට පහසුකම් සහිත ජීවිතයක් ගත කරන්න අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ බව සලකලා තමයි මේ ඇතැම් තීරණ අරන් තියෙන්නෙ. නිවාස ඉදිකිරීමට අදාළව. ඒ වගේම පූජා නගරය සංවර්ධනය කිරීම ලංකාවේ සංචාරක කර්මාන්තයටත් බලපානවා. ඒ අවට යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕන.

මේ රට දියුණු වුණාම ඒගොල්ලන්ට පැවැත්මක් නෑ කියලා කියලා. මේ ව්‍යාජ අදහස් හරහා සමාජගත කරන්න හදන අදහස් පරාජය කරන්න අපි කටයුතු කරනවා” යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ සඳහන් කර සිටියේ,  ආගමික සංස්ථාව රැකගැනීමට වැඩියෙන්ම දායක වෙන ආණ්ඩුව වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ,

“මේ ආණ්ඩුවට එරෙහිව බෞද්ධ ජනතාව අවුස්සන්න ඇතැම් අය උත්සාහ කරමින් ඉන්නවා. ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් විරෝධය අවසන් වෙනකොට අපි දැක්කා ඒවයේ තිබිච්ච යටි අරමුණ.

සිවුරෙන් පටන් අරන් කිංස්බරි එකකින් තමයි ඒ සටන අවසන් වුණේ. ඥානසාර හිමිට සිවුර අන්තවල උසාවි ගේන්න කියන එකෙන් පටන් අරන් විවිධ දේශපාලනඥයින් නිදහස් කරන්න කියන තැනට ඒක ආවා.

පූජා භූමි සංවර්ධනය කියන සාධකය අල්ලන් විමල් වීරවංශ මාධ්‍ය සාකච්ඡා තියෙනවා. බුද්ධ ශාසන ඇමතිවරයාට විවාද වලට එන්න කියනවා. ඉස්සර ආණ්ඩුවේ වරම් ප්‍රසාද අරගෙන ඇමතිලා වෙලා හිටපු අයට බලය නැති වුණහම දැනෙන වේදනාව තමයි මේ තියෙන්නේ.

දැන් කියන්න හදනවා මේ ආණ්ඩුව ආගම් විනාශ කරනවා කියලා. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් වුණාම ආගම පාවිච්චි කරලා දේශපාලනය කරන්නේ නෑ. ඒක තමයි වාමාංශික දේශපාලනයේ ස්වභාවය. ඒත් ලංකාව වගේ බෞද්ධාගමට මූලිකත්වය දෙන රටක 1965 දී රෝහණ විජේවීර සහෝදරයා බුද්ධි පෙරමුණ ගොඩනැගීමෙන් පස්සේ මුලින්ම ගොඩනැගුවේ ජාතික භික්ෂු පෙරමුණ. ඒ වගේමයි ලංකාවේ කලින් හිටපු ආණ්ඩු වලට වඩා ආගම රකින ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව.

ආණ්ඩුවට මොකක් හරි ෂොට් එකක් දෙන්න හිතාගෙන තමයි මේ විරෝධය ගොඩනගන්නේ. මෙය ආණ්ඩුව ආවහම පෙරහැර නවත්තනවා කිව්වා පන්සලට දාන්නේ ලැබෙන්නැති වෙයි කිව්වා කඨින නවත්තන්න වෙනවා කිව්වනේ. ඒත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද කලින් කරාටත් වඩා හොඳට ඒ දේවල් කරන එක.

යතිවර මාපිය වැඩසටහන හරහා ඒ දරුවන් ශාසනයට ලබා දුන්න දෙමව්පියන්ට නිවසක් නැතිනම් නිවසක් හදා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා කරලා තියනවා. සසුනෝදය වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම දිට්වා සුළු කුණාතුවෙන් පස්සේ විනාශයට පත්වුණු පන්සල් ගොඩනැගීම වෙනුවෙන් මුදල් වෙන් කරලා එම කටයුතු සිදු කරනවා.

පන්සිල් පද පහවත් රකින්න බැරි මිනිස්සු තමයි මේ ආණ්ඩුවට චෝදනා කරන්නේ. එයාලට මොන චෝදනාද නැත්තේ. මේ ආණ්ඩුව මේ රට ගොඩනගන්නේ සියලු ආගම් සහ සංස්කෘතීන් සමඟ එක්වයි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන් මේ රටේ සියලුම ආගම්වල සියලුම ජාතිකත්වවල ජනතාව එකතු කරගෙන. ” යැයි පැවසුවේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්