ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වැනි සංශෝධනයට විරුද්ධ වූ බොහෝ පිරිසක් ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතටද විරුද්ධ බව අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
නමුත් තමාගේ මෙම අදහස් දැක්වීම ස්වාධීන නීතිඥවරුන් අදාළ කර ගැනීමක් සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත්, මෙහි යම් දේශපාලනයක්ද තිබෙන බවත් සිරස නාලිකාවේ විකාශය වූ ‘මුහුණට මුහුණ’ වැඩසටහනට එක්වෙමින් අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ පනත තුළ අපරාධ කල්ලියක සාමාජිකයකු බවට සලකා බලන කරුණු 12 ක් තිබෙන බව ද, පච්ච (Tattoos) යනු එහි එක් කරුණක් පමණක් බවද ඔහු සඳහන් කරයි.
එහි දක්වා ඇත්තේ හඳුනාගත් අපරාධ කණ්ඩායම්වල ප්රකට සාමාජිකයන්ගේ ලක්ෂණ සම්බන්ධයෙන් වන අතර එම කොටස උපුටාගෙන ඇත්තේ සිංගප්පූරු නීතියෙන් බවත්, විවිධ රටවලදී යම් යම් අපරාධ කල්ලිවල සාමාජිකයන් බවට ඔප්පු කිරීමට පච්ච භාවිතා කරන බවත් ඔහු පෙන්වාදෙයි.
එම තත්වය සිංගප්පූරුව, ජපානය සහ ඇමරිකාව වැනි රටවල පවතින බවත්, මෙම පනත තුළ දක්වා ඇත්තේ එවැනි විශේෂිත පච්ච සම්බන්ධයෙන් මිස, සාමාන්යයෙන් ඇති පච්ච නොවන බවත්ඔහු සඳහන් කරයි.
ඕනෑම පච්චයක් කෙටූ පමණින් පුද්ගලයන් පොලිසියෙන් අල්ලා ගෙන නොයන බවත් පච්ච සම්බන්ධයෙන් සිදුකරන එවැනි ප්රකාශ සම්පූර්ණයෙන්ම අසත්ය බවත් තවදුරටත් අදහස් දක්වමින් අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කරයි.









