ඉදිරියේදී ඇති වන ඕනෑම යුදමය හෝ වෙනත් ආකාරයක දරුණු අනතුරකින් පැය 72ක් පුරා නිවෙස්වල ආරක්ෂිතව රැඳී සිටීමට සූදානම් වන්නැයි සුපිරි රටවල් රැසක් තම පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබේ.
ප්රධාන ධාරාවේ ලෝක ප්රකට මාධ්ය ආයතන වන ගල්ෆ් නිව්ස්, නිව්ස් වීක්, සහ CNN වැනි ආයතන මේ අනතුරු ඇඟවීමේ ප්රවෘත්තිය තහවුරු කර ඇත.
මහා බ්රිතාන්ය පසුගිය 22 වැනි දින නිල කැබිනට් ප්රකාශයක් ලෙස යම් අනතුරු ඇඟවීමක් සිදු කර ඉන්පසුව 26 වැනි දින එම අනතුරු ඇඟවීම තහවුරු කර තිබේ. ඒ අනුව යමින් අවම වශයෙන් තවත් රටවල් 20ක්ද මෙම අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
ජපානය, ජර්මනිය, අයර්ලන්තය, නෙදර්ලන්තය, ප්රංශය, ඩෙන්මාර්කය, නෝර්වේ, ෆින්ලන්තය, ස්වීඩනය, ඇමෙරිකා එක්සත් ජනපදය, එස්තෝනියාව, ක්රොඒෂියාව, මෙක්සිකෝව, ලැට්රියාව, පෝලන්තය, ලිතුවේනියාව, චෙක් ජනරජය, ඔස්ට්රියාව සහ ස්විස්ටර්ලන්තය වැනි රටවල් මෙම අනතුරු ඇඟවීම් සිදුකර ඇත. එහිදී අවධාරණය කර ඇත්තේ කිසිදු බාහිර ආධාරයකින් තොරව අවම වශයෙන් දින තුනක් ජීවිතය පවත්වා ගෙන යා හැකි ආකාරයට ජලය ඖෂධ සහ මූලික ආහාර සූදානම් කර තබා ගන්නා ලෙසයි.
නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අතර මැදි මැතිවරණ සහ ඊශ්රායලයේ මැතිවරණ පදනම් කර ගනිමින් දරුණු ප්රහාර එල්ල කිරීමට ඩොනල්ඩ් ට්රම්ප් සහ බෙන්ජමින් නෙතන්නියාහු පියවර ගනු ඇතැයි පවතින සැකයක් මත මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවය. ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ රුසියානු ජනාධිපති වැඩිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව මෙන්ම එයට ආධාරය දෙන රටවලටද දැඩි ප්රහාරයක් එල්ල කළ හැකි බවය.
ලෝකයේ බලවත්ම රාජ්යයන් සමූහයක් සමාන්තර ආකාරයෙන් මෙම අනතුරු ඇඟවීම් සිදුකිරීම දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු කර නොමැති බවට නිරීක්ෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙති.









