මිලිමීටර් 0.22 ප්රමාණයේ පතොරොම් භාවිතා කල හැකි පෑනක ආකාරයේ නීති විරෝධී ගිණි අවියක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (28) කෑගල්ලේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෑගල්ල පොලිස් වසමේ අංක 195/1, දීවෙල, මැදගම, පල්ලේගම ලිපිනයේ පදිංචි ඉලන්දරගේ සනත් කුමාර ජයසිංහ නැමැත්තාය.
ඔහු 05 වන විජයබා රෙජිමේන්තුවේ ලුතිතන්වරයෙකු ලෙස සේවය කර 1995 වසරේදී රිවිරැස මෙහෙයුමේදී තුවාල ලබා ආබාධිතව විශ්රාම ලබා සිටින අයෙකු බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කෑගල්ල ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් ජයසිංහගේ සහෝදරයෙකු වන බවත් පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
Views: 17









