රඛිත රාජපක්ෂ ඇතුළු දේශපාලන ප්රබලයින්ගේ අනුග්රහය මත ක්රියාත්මක වූ පාතාල කණ්ඩායම්වල සාමාජිකයින් රටවල් 113කට පමණ පළා ගොස් සිටින බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.
රටම එකට ජාතික මෙහෙයුම දියත් කිරීමෙන් පසුව මේ දක්වා ලබා ගෙන ඇති ප්රගතිය පිළිබඳව ශ්රී ලංකා පොලිසිය සහ ත්රිවිධ හමුදාව ඊයේ (29) පැවැත්වූ ඒකාබද්ධ මාධ්ය හමුවක දී මේ බව හෙළි කර තිබිණි. විදේශයන්ට පළා ගොස් සිටින අපරාධකරුවන් 112 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බවත්, මේ වනවිට 68 දෙනෙකු අත්තඩංගුවට ගෙන සිටින බවත්, පොලිස් මාධ්ය ප්රකාශක හෙළි කරනු ලැබීය.
එමෙන් ම, සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් රුපියල් මිලියන 4,695ක් වටිනා දේපළ රජයට පවරා ගෙන ඇත. ඊට අමතරව, වෙනත් මූල්ය අපරාධවලින් උත්පාදිත දේපළ ද විශාල ප්රමාණයක් පවරා ගෙන ඇති බව හෙළි කර තිබේ.
Views: 298









