ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කරයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කරයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් ජනාධිපති අනුර දිසානායක විසින් අදාළ පත්වීම් සිදුකර තිබේ

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්‍රාමික විනිසුරු වී.කේ මලල්ගොඩ පත් කරනු ලැබ ඇත.

එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම් ගෝමස්, ඒ.එල්.ඒ අසීස්, වෛද්‍ය එස්.එස්.එස්.බී.ඩී.එච් ජයවර්ධන සහ මහාචාර්ය ටී. ජයසිංගම් යන අය පත් කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්