අවස්ථා තුනකදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණීම මගහැර සිටි හිටපු මුදල් ඇමති රවී කරුණානායක අද පෙරවරුවෙ එම කොමිසම වෙත පැමිණ තිබේ.
ඔහු එලෙස අල්ලස හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ ඇත්තේ, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව නිලධාරීන් පස් දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීමේ විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමක් අනුවය.
මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරා අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය ජුනි මස 30 වැනිදා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියාය.
38










