ඔබේ නඩුව බාර දෙන්නේ මොවුන්ටද?

ඔබේ නඩුව බාර දෙන්නේ මොවුන්ටද?

රජය ඉදිරිපත් කර තිබෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට තවත් අමතර කෑලි එල්ලීමේ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

මෙම සංශෝධනයට එරෙහිව විපක්ෂයේ ඇතැම් බංකොලොත් කණ්ඩායම් සහ ඔවුන් අනුව යමින් ඇතැම් සංවිධාන ද මුලින් අසත්‍ය ප්‍රචාර දියත් කරනු ලැබීය. සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂගේ නියෝජිතයින් ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් ගෙන්වා ගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය එවැනි විකෘති ප්‍රචාර දියත් කරමින් අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට සූදානම් වන බව පැවසීය.

නමුත්, අදාළ සංශෝධන කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම සංශෝධනවල අරමුණ පොදු ජනතාවට පැහැදිලි විය. ඒ අතර, මෙම සංශෝධනවලට එරෙහි කණ්ඩායම් දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජිත කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ මුල්ම කණ්ඩායම අතරට එක් වී සිටියේය. නිසි පරිදි අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමට තරම් ඉවසීමක් එම සංගමයේ කිහිප දෙනෙකුට නොවීම නිසා මේ වනවිට පෙත්සම සංශෝධනය කිරීමට කෑලි එකතු කිරීමට සිදු වී තිබේ.

Facebook
Twitter
LinkedIn