පෙට්‍රල් මිල පහළට…

පෙට්‍රල් මිල පහළට…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙවර මිල සංශෝධනය අනුව පෙට්‍රල් මිල පහත දමා තිබේ.

ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද පහත දමා ඇත.

ඒ අනුව මේ වනවිට රුපියල් 414ක් වන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 399ක් වන අතර මේ වනවිට රුපියල් 495ක් වන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 475ක් වේ.

කෙසේ වෙතත් සුදු ඩීසල්  මිල රුපියල් 382ක්, සුපිරි ඩීසල් මිල රුපියල් 478ක් සහ භූමිතෙල්  මිල රුපියල් 285ක් ලෙසත් මිල නොවෙනස්ව පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්