ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද්ධයක් දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහිව ජන මතයක් ගොඩ නැගීම සඳහා “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” නමින් එකතු වූ සුන්බුන් විපක්ෂය අසත්‍ය සහ භීතිය මුල් කර ගත් ප්‍රචාරයක් ගෙන යනු ලැබීය.
එම සුන්බුන් කල්ලියේ න්‍යායාචාර්යවරයෙකු සහ ප්‍රධාන ප්‍රචාරකයෙකු වන හිටපු බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය අප්‍රේල් 23 වෙනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ ජූලි අගෝස්තු මාස වනවිට මෙරට විශාල බලශක්ති අර්බුදයක් ඇති වී විදුලි කප්පාදුවක් කරනු ඇති බවයි.
එහෙත්, යුද්ධයේ ප්‍රතිවිපාක දරුණුම ආකාරයෙන් දැනුණු අවස්ථාවේ ඉන්ධන කෝටා ක්‍රමය, කෙටි කාලයක් සඳහා සති මැද නිවාඩුවක් ලබා දීම සහ විදුලිය සැපයුම් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීම මගින් ආණ්ඩුව අවශ්‍ය ම ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබූ අතර යුද්ධය විසින් ලෝකය පුරා නිර්මාණය කළ අර්බුදය මෙරට ජනතාවට බල නොපාන ආකාරයට සියල්ල සැලසුම් කරනු ලැබීය.
මේ වනවිට දිස්ත්‍රික්ක 07 කට දරුණුම නියඟයක් බලා තිබියදීත් අගෝස්තු මාසය අවසන් වනවිට කිසිදු විදුලි කප්පාදුවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යාමට ආණ්ඩුව සමත් වී තීබේ.










