තව අවුරුදු 10කට ගොඩ එන්න බෑ කියලා IMF එක කිව්වා

තව අවුරුදු 10කට ගොඩ එන්න බෑ කියලා IMF එක කිව්වා

ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්කර වීමෙන් පසුව, වසර 10ක්වත් ඉක්මවා යන තුරු පෙර පැවති ආර්ථික තත්වයට ළඟා විය නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණ ද, ඔවුන්ගේ පුරෝකථන අනුව තවත් වසර 7 හමාරක් ඉතිරිව තිබිය දී මූලික ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇති බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙති.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර දිසාබණ්ඩාර මේ බව සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වා ගෙන යන Auslanka TV යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න ද එම සාකච්ඡාවට එක් වී සිටියහ.

ලෝකයේ කොටස් වෙළඳ පොළ පිළිබඳ පවතින විශ්වාසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉහළම තත්වයක සිටින බවත්, ඕස්ට්‍රේලියාවේ කොටස් වෙළඳපොළ ආයෝජනයට වඩා කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් 8 ගුණයක් දක්වා වාසි සහගත තත්වයක පවතින බවත් මෙම සාකච්ඡාවේ දී කරුණු සහිතව හෙළි කර තිබිණි. වංචා දූෂණවලින් තොරව මේ වනවිට එහි ක්‍රියාකාරීත්වය පුළුල් කර ඇති බව අවධාරණය කළ එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn