මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ විශේෂයෙන් ආරක්ෂා කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කය තිරසර සංචාරක සංවර්ධන කලාපයක් ලෙස වැඩ දියුණු කිරීම සඳහා සැලසුම් සකස් කෙරේ.
නුවරඑළිය නගරයේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම, පානීය ජලය සංරක්ෂණය කිරීම, තිරසර සංවර්ධනයට අදාළව පාරිසරික සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගත් පුළුල් ක්‍රියාමාර්ග දියත් කිරීමට නියමිත ය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය 28 වෙනි දින පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්ත, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය එක් ව මූලික සාකච්ඡා පැවැත්වීය.
මෙම දිස්ත්‍රික්කයේ ජල පෝෂක ප්‍රදේශවලට අයත් හෙක්ටයාර් 1,500කට ආසන්න ප්‍රමාණයක් වන රක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සුරක්ෂිත කිරීම මූලික අරමුණ වී තිබේ.
244










