මහින්ද අමරවීරගේ පුතා ඇතුළු පිරිසක් දියතලාවේ සුඛෝපභෝගී නිරෝදායන මධ්‍යස්ථානයට

මහින්ද අමරවීරගේ පුතා ඇතුළු පිරිසක් දියතලාවේ සුඛෝපභෝගී නිරෝදායන මධ්‍යස්ථානයට

වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන මහින්ද අමරවීර මහතාගේ පුතා ඇතුළු ප්‍රභූ සහ ව්‍යාපාරික පවුලවල දූ දරුවන් හා ඥාතීන් කිහිපදෙනෙකු පසුගිය 17 වනදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි අතර මේ වනවිට ඔවුන් දියතලාව සුඛෝපභෝගී නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එම පිරිස අතර මහින්ද අමරවීර මහතාගේ පුතා සමග ලක්ෂමන් වසන්ත පෙරේර මහතාගේ පුතා, මහින්ද යාපා මහතාගේ පුතා, මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා ඇතුලු පිරිසක් මේවනවිට රැදී සිති.

මැති ඇමතිවරුන්ගේ හා ප්‍රභූන්ගේ ඉතා සීමිත පිරිසකට එම විශේෂ වරප්‍රසාදය හිමිව තිබෙන අතර සාමාන්‍ය පවුල්වල ශිෂ්‍යන් ගනාවක් ලංකාවට පැමිණීමට නොහැකිව මේ වනවිටත් එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක සිරවී සිටිති.

ඉතාලියෙන් සහ කොරියාවෙන් පැමණි සිය ගණනක් විදේශ ශ්‍රමිකයන් අවධානම් සහගත ලෙස එක පොදියට නිරෝධායනය කරද්දි ප්‍රභූන්ගේ දරුවන්ට රජයේ වියදමින් වෙනම පහසුකම් යොදමින් සුඛෝපභෝගී ලෙස නිරෝධායනය කිරීම ලොව කිසිම රටක් නොකළ ආකාරයේ පහත් ක්‍රියාවක් බව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි ව විවේචනයට ලක්වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn