රට තුල දරුණු ලෙස කෝරෝනා වසංගතය පැතිරයමින් තිබෙන වටපිටාවක් තුළ මේ වනවිට කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණය යළි කැඳවා පාර්ලිමේන්තුය සක්‍රීය කර කොරෝනා තත්වය තුරන් වීමෙන් පසු මැතිවරණයට යාමට අදාළ කටයුතු කිරීමේ බලය තවත් ජනාධිපතිවරයා සතුව තිබේ. එහෙත් අද (19) දහවල් 12න් පසු නාමයෝජනා බාර ගැනීම අවසන් වන අතර ඉන් පසු මැතිවරණය සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය මැතිවරණ කොමිසම සතු වේ.
ඒ අනුව මැතිවරණය නියමිත පරිදි අප්‍රේල් 25වනදා පවත්වන්නේද නැතිනම් කොරෝනා තත්වය තුරන්වන තුරු මැතිවරණය කල් දමන්නේද යන්න අද දහවල් 12න් පසු තීරණය කිරීමේ බලය මැතිවරණය කොමිසම වෙත පැවරෙනු ඇත.
මැතිවරණ කොමිසම ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා ජනතාව විමසිල්ලෙන් සිටිති.
7










