සෑම ප්‍රසිද්ධ හංදියකම පොලිස් මාර්ග බාධක දෙකක්

සෑම ප්‍රසිද්ධ හංදියකම පොලිස් මාර්ග බාධක දෙකක්

සෑම ප්‍රසිද්ධ මංසන්දියක් ප්‍රධාන පාරක් ආශ්‍රිතවම අද (18) දිනයේ සිට පොලිස් මාර්ග බාධක දෙකක් ස්ථානගත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා කියයි.

පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මෙය ක්‍රියාත්මක බවත් ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන 499යේම ස්ථානාධිපතිවරුන්ට මේ බව දැනුවත් කර ඇති බවත් ඔහු පවසයි.

නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන අයට දන්ඩනීති සංග්‍රහයේ 264 වැනි වගන්තිය යටතේ කටයුතු කරන බවද මෙම මාර්ග බාධක පනවා ඇත්තේ විනෝදගමන් ආදියේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

අද සිට විනේද ගමන් වන්දනා ගමන් යාම මුළුමනින්ම තහනම් කර තිබේ.

lankaweb

Facebook
Twitter
LinkedIn