මෙරට කොරෝනා ආසාදිත ගණන 50 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිත ගණන 50 දක්වා ඉහළට

කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 9 දෙනකු අද (18) පස්වරුව වනවිට හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද වනවිට කොරෝනා ආසාදිත මුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50 කි.

වයිරසය ආසාදනය වී ඇතැයි අද වාර්තා වු පුද්ගලයින් 09 දෙනා අතර අවුරුද්දයි මාස පහක් වයසැති බිලිදෙකුත් එම බිලිදාගේ මවත් සිටින බව තොරතුරු අනාවරණ වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්