ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට 2022ට පෙර පැවති තත්වයට ළඟා වී ඇති බව නිල දත්ත මගින් සනාථ වී ඇත.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කෙටි කාලයක් තුළ එවැනි බරපතළ අර්බුදයකින් මිදී වේගයෙන් යථා තත්වයට පත් වූ එකම රට ශ්‍රී ලංකාව බවයි. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන් 2022දී ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ආර්ථික දේහයේ රෝග නිධානය සොයා ගොස් පිළියම් යෙදීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටී. එහි ප්‍රතිඵලය ලෙසින් සමස්ත අයවැය හිඟය 2025 වසරේ මුල් මාස 5ක් තුළ රුපියල් බිලියන 236ක් වූ අතර මේ වසරේ මුල් මාස 5 තුළ රුපියල් බිලියන 197ක අයවැය අතිරික්තයක් දක්වා වර්ධනය කර ගෙන තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 433ක රාජ්‍ය ආදායමෙහි වර්ධනයකි.
මෙම දත්ත අනුව ඕනෑම ආර්ථික අභියෝගයකට මුහුණ දීමට හැකි ස්ථාවරත්වයක් ගොඩ නගමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා ද ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවේ ඇතුලත් වේ.










