වර්තමානයේ ආර්ථික අපරාධකාරයන්, දේශපාලන තක්කඩි, කුඩු මුදලාලිලා, පාතාල කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා – නීතිඥ නිමල් රණසිංහ

වර්තමානයේ ආර්ථික අපරාධකාරයන්, දේශපාලන තක්කඩි, කුඩු මුදලාලිලා, පාතාල කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා – නීතිඥ නිමල් රණසිංහ

වර්තමානයේ ආර්ථික අපරාධකාරයන්, දේශපාලන තක්කඩි, කුඩු මුදලාලිලා, පාතාල කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් ඇති බව නීතිඥ නිමල් රණසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නීතිඥ නිමල් රණසිංහ,

“වර්තමාන රජය බලයට ආවාට පස්සේ මේ රටේ සිටි ආර්ථික අපරාධකාරයන්, දේශපාලන තක්කඩි, කුඩු මුදලාලිලා, පාතාල කණ්ඩායම්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වෙන්න පටන් ගත්තා. අද දොස් පවරණ කණ්ඩායම් ඒ කාලේ කළේ සී.අයි.ඩී එකට විරුද්ධව, අල්ලස් කොමිසමට විරුද්ධව විශාල මඩ ව්‍යාපෘතියක් අරගෙන ගිය එක. ඒ නිලධාරීන්ට, ඒ පවුල්වල සාමාජිකයන්ට අපහාස කරමින් ගියා. අද ඒ සියලූ නඩු අධිකරණය ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ අය දැන් අධිකරණයට ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගෙන තිබෙනවා. අධිකරණයට පමණක් නොවෙයි, ඔවුන්ගේ පවුල්වල දූ දරුවන්ට, භාර්යාවට, ඥාතීන්ට අපහාස කරන තැනට පත්වෙලා තිබෙනවා. මේ අපහාස කළ අයගේ වැඩි හිටියන්, බාප්පලා, මහප්පලා තමයි එයාලා බලයේ ඉන්න කාලේ මේ රටේ විනිශ්චයකාරතුමන්ලාගේ ගෙවල්වලට ගල් ගැහුවේ. එයාලා බලයේ ඉන්න කාලේ තමයි මේ රටේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් වන මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාට ගහලා කාණුවක් දිගේ ඇදගෙන ගියේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේ වන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඔළුවට බුද්ධ රූපයකින් ගැහුවේ. ඒ ගොල්ලන්ගේ දරු මුනුපුරන් ඇවිත් තමයි මේ දැන් අග‍්‍රවිනිශ්චයකාරතුමන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන්නේ. ඒයාලගේ ජානවල තිබෙන දෙයක් ඒක.

අපේ රටේ නීතිඥ සංගමයක් තිබෙනවා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන එයාලත් කතා කරනවා. අපිත් කතා කරනවා. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය එන්නත් කලින් එයට විරුද්ධ බව කියමින් දුවපු නීතිඥ සංගමයට, අගවිනිසුරුතුමාට කරන පහත් පෙළේ අපහාස පෙනෙන්නේ නැද්ද? ඒක අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් බව එයාලාට පෙනෙන්නේ නැද්ද? මේ අපහාස කළ පමණින් අග‍්‍රවිනිශ්චයකාරතුමා බය වෙයි කියා සිතනවාද? අග‍්‍රවිනිශ්චයකාරතුමාට මේවා පිළිතුරු දෙන්න බැහැ. ඒ වෙලාවට නීතිඥ සංගමය ඉදිරිපත් වෙලා රකින්න අවශ්‍යයි. මමත් නීතිඥ සංගමයේ යාවජීව සාමාජිකයෙක්. මටත් තිබෙන ප‍්‍රශ්නයක් තමයි, නීතිඥ සංගමය මේ වෙලාවේ මුනිවත රකින්නේ ඇයි කියලා. වර්තමාන සංගමයේ නිලධාරීන් මේ අපහාස අනුමත කරනවාද? ඉතිහාසයේ පාරාජිකා වෙච්ච වයස්ගත දේශපාලනඥයන්ගේ ඥාති පුත‍්‍රයන් නීති සංගමයේ සභාපතිකම්වලට ඇවිත් මළගිය දේශපාලනඥයන්ගේ අදහස් ප‍්‍රකාශ කරනවාද කියන එක අපට ප‍්‍රශ්නයක්. වරප‍්‍රසාදවලට මුවාවෙලා මේ කරන අපහාස, උපහාසවලට නීතිඥ සංගමය ප‍්‍රසිද්ධියේ විරුද්ධත්වය ප‍්‍රකාශ නොකරන එක අපට බරපතළ ප‍්‍රශ්නයක්.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්