ගරු විනිසුරුතුමන්ලාට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනාවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට එතුමන්ලාට හැකියාවක් නැති නිසා එම අවස්ථාවෙන් අයුතු ප‍්‍රයෝජන ලබාගෙන ඉදිරිපත් කරන දැඩි අපහාසාත්මක අදහස් සම්බන්ධයෙන් දැඩි විරෝධය, දැඩි කනස්සල්ල, දැඩි අප‍්‍රසාදය පළ කරන බව නීතිඥ හේමක සේනානායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නීතිඥ හේමක සේනානායක,
“ගරු විනිසුරුතුමන්ලාට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනාවන්ට එතුමන්ලාට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. මේ අවස්ථාවෙන් අයුතු ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා රටේ අගවිනිසුරුවරයා එල්ලකර ගෙන සිදුකරන මඩ ප‍්‍රචාර, සිදුකර තිබෙනවා. මේවාට පුරුදු පුහුණු වීමක් සිදු වුණොත් අදාළ විපක්ෂ කණ්ඩායම් මේ ප‍්‍රවණතාවය රටේ සමස්ත අධිකරණ පද්ධතියටම සහ රටේ විනිසුරුවරුන් සියලු දෙනාටම විහිදී යාමටත්, දැඩි තර්ජනයක් පැන නගින්නත් පුළුවන්.
ජනාධිපති නීතිඥ මොහාන් කිව්වා, පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවෙලා මාතලේ දිස්ති‍්‍රක්කයේ මන්තී‍්‍රවරියකුත් තවත් විවිධ අයත් දැඩි අපහාසාත්මක අදහස් ඉදිරිපත් කරනවා කියලා. ඔවුන්ගේ එම ප‍්‍රකාශ සම්පූර්ණයෙන්ම බොරු. මේවා පිළිබඳ අපේ දැඩි විරෝධය, දැඩි කනස්සල්ල, දැඩි අප‍්‍රසාදය පළ කරනවා.”










