22 වන සංශෝධනයට සහාය පළ කරමින් තවත් පෙත්සම් 03ක් ඉදිරිපත් වෙයි

22 වන සංශෝධනයට සහාය පළ කරමින් තවත් පෙත්සම් 03ක් ඉදිරිපත් වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් තුනක් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව, අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම්, නීතිඥ ජානක අධිකාරි විසින් මෙ‍හිදී එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ කලාකරුවකු වන දයාරත්න සුවඳ හැන්නදිගේ විසින් තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බැවින්, එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් ඉල්ලා සිටිති.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් අද (28) දින පෙත්සම් 05ක් ඉදිරිපත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්