මේ 22වැනි සංශෝධනයේ තිබෙන්නේ පූර්ව ව්‍යවස්ථාමය අවස්ථාවක් බව නීතිඥ ගාමිණී නල්ලපෙරුම අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ගාමිණී නල්ලපෙරුම,
“මේ 22වැනි සංශෝධනයේ තිබෙන්නේ පූර්ව ව්‍යවස්ථාමය අවස්ථාවක්. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මතය විමසීමට දමා තිබෙන්නේ. අද තිබෙන්නේ විනාශකාරී විවේචනයක්. 22වැනි ව්‍යවස්ථාවට අදාළ විවේචනයක් කරන්නේ නැහැ. එයාලා පටන්ගෙන තිබෙන්නේ අපහාසකාරී ගමනක යන්න. මෙය අතිශය භයානක තත්වයක්. මේකේ අගතියට පත් වූවන්ට උත්තර දෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසාම ඉතාමත් වේගයෙන් අනර්ථකාරී, අගති තත්වයකට අපහාසයකට යනවා. විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුවේ තිබෙන වරප්‍රසාදවලට මුවාවෙලා කරන දැඩි අපහාසය. පාර්ලිමේන්තු වරප‍්‍රසාද පුද්ගලයන්ට අපහාස කරන්න, පවුල්වල සාමාජිකයන්ට අපහාස කරන්න පාවිච්චි කරන්න බෑ. විපක්ෂයේ නායකයා තමන් යටතේ සිටින මන්ත්‍රීවරු කියන සෑම වචනයක්ම එහෙයි කියන එක නොවෙයි සිදුවිය යුත්තේ වැරදි ප්‍රකාශ කරන කොට, එයට එරෙහි විය යුතුයි. විරුද්ධ පක්ෂ නායකයා, රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියගේ අපහාසාත්මක ප්‍රකාශය අනුමත කරනවා. සත්‍යය දැක දැක එය අනුමත කරන්නා දරුණු අපරාධකාරයෙක්. මෙම තත්වය ඉතා දරුණුයි. මේ නිසා තමයි අධිකරණයේ ස්වාධිපත්‍යය නැති වෙන්නේ. ඔවුන් දන්නවා මේ කරන්නේ අපරාධයක් බව හා මේ තුළින් අපහාසයක් වෙන බව. මෙය දැන දැනම කරන බරපතළ වරදක්.
මේ අපහාසකාරී තත්වයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. අධිකරණයේ ස්වාධිපත්‍යය කඩා වැටීමත් සමග නැති වෙලා යන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය. ජනතාවගේ අධිකරණ බලය. මේ තත්වය මෙසේ ගියහොත් නඩු තීන්දුවෙන් තීන්දුවට අධිකරණය විවේචනයට ජනතාව පොලඹවනවා. අධිකරණ ස්වාධීනත්වයයි, මහජන මතයයි කියන්නේ එක කාසියක දෙපැත්තක්. මේ බරපතළ තත්වයට ජනතාව එරෙහි වෙන්න ඕනෑ.
දෙවැනි කරුණ තමයි අපේ නීතිඥ සංගමයේ දැඩි නිහඬතාවය. පසුගිය කාලයේම උගත් මහත්වරු විදිහට 22 වැනි සංශෝධනය පිළිබඳ විවේචනයක් කරන්නේ නැහැ. අද අගවිනිසුරුතුමා විවේචනය කරනවා. එතුමාට ඒවාට පිළිතුරු දෙන්න බැහැ. නීතිඥ සංගමය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව නිහඬව සිටිනවා. ඒ නිහඬතාවය පිළිබඳව නීතිඥ සංගමයේ සභාපතිතුමාව, මම ප්‍රශ්න කරනවා. මහජනතාවගෙන් අපි ඉල්ලනවා, මෙයට එරෙහිව නැගී සිටින්න. අගවිනිසුරු ව්‍යවස්ථාමය පුද්ගලයෙක්. පාර්ලිමේන්තුවට මුවා වෙලා කරන මේ නරක ප්‍රකාශ නවත්තන්න ඕනෑ. ඒකට පියවර ගන්න ඕනෑ. නීතිඥ සංගමය වශයෙන් නිහඬව සිටීමෙන් ජනතාවට වැරදි ප්‍රතිඵලයක් යනවා. මෙ දෙකම නවතන්න කියන ආයාචනය මම කරනවා.”










