22වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත්වෙයි

22වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් තවත් අතරමැදි පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී ඉන් එක් පෙත්සමක් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර විසින් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා විසින් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියට අනුකූලව ඉදිරිපත් කර තිබෙන බවය.

එමෙන්ම, අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙහිදී ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්